Gossips

දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ ආසන වෙන්කිරීමට ඉදිරියේදී නව ක්‍රමවේදයක්

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරය හා අනෙක් ප්‍රදේශ සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධන කිරීම සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම පිණිස කුඩා පරිමාණයේ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට නියමිතයි.
ඒ අතර දැනට පවතින දුම්රිය ආසන වෙන්කිරීම සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් පද්ධතියක් හදුන්වාදීමට යෝජනා වී තිබෙනවා.
එමෙන්ම දුම්රිය මාර්ග අවට රක්ෂිතයන් තුළ ජිවත් වන පවුල් නැවත පදිංචි කිරීම සදහා නව නිවාස යෝජනා ක්‍රම 2ක් ඉදිකිරීමද මේ ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට නියමිතයි.