Gossips

දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දින 4ක් පුරා ක්‍රියාත්මක කෙරුණු අඛණ්ඩ වර්ජනයෙන් පසු අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සඳහන් කළා.
ඒ අනුව අද උදෑසන සිට නියමිත කාලසටහන්වලට අනුව දුම්රිය ධාවනය කෙරෙන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
කොළඹ කොටුවෙන් ගමන් ගන්නා සියළුම රාත්‍රී තැපැල් දුම්රිය නියමිත කාලසටහනට අනුව ධාවනය කිරීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි වර්ජිත දුම්රිය වෘත්තිය සමිති සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඊයේ තීරණය කරනු ලැබුවේ.
මේ අතර, වර්ජනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70ක පාඩුවක් සිදුවද්දී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 10කට අධික මුදලක් පාඩු ලබා තිබෙනවා.
වර්ජනය පැවති දිනයේ සිට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මගීන් ශ්‍රී ලංගම බස් රථවල නොමිළේ මගීන් රැගෙන යාම නිසා සහ දිනකට ධාවනය වූ කිලෝමීටර් ගණන වැඩිවීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බවයි ගමනාගමන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.