සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වලක්වාගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නිළධාරින් සමත්ව තිබෙනවා.
අනුරාධපුර – ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදීයි මෙලෙස දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගමන්කර ඇත්තේ.
කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් සහ තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුවට පැමිණෙමින් තිබූ දුම්රියක් මෙසේ මුහුණට මුහුණලා ගැටීමේ අවදානමක් මතුවූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නිළධාරින්ගේ සැලකිල්ල හේතුවෙන් මෙම අනතුර වලක්වා ගැනීමට හැකි වූ බවටයි වාර්තා වන්නේ.
දුම්රිය සංඥා නිසියාකාරව නොලැබීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ගිය බවයි ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
