Gossips

දුම්රිය තාක්ෂණ ශිල්පීන් යලි වර්ජනයකට සැරසෙයි

තම වැටුප් විෂමතා ඉවත් කිරිම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග අද දිනයේ ලිඛිතව ලබා නොදුනහොත් අඛන්ඩ වර්ජනයකට යොමුවීමට සිදුවන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.
පසුගියදා 29 වනදා ඔවුන් පැය 48 ක වර්ජනයක නිරතවූ අතර, අනතුරුව අදාල ගැටලූ සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමඟ සාකච්ජාවක් පැවත්වුනා.
එහිදී කඩිනමින් විසදුම් ලබා දෙන බවට පොරොන්දු වුවත් ඒවා මෙතෙක් විසඳි නොමැති බවයි දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුවේ සම ලේකම් කමල් පීරිස් සදහන් කළේ.
ඒ අනුව අද රැස්වන සිය සංගමයේ විධායක කමිටුව වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ඔහු කියා සිටියා.