Gossips

දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළට

දුම්රිය ගාස්තු සියයට 15කින් ලබන මස ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ලබන මාසයේදී ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත බවයි.
2008 වසරේ සිට මේ දක්වා කාලසීමාව තුළ දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට කටයුතු නොකළ අතර අදාළ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.