Gossips

දුම්රිය ගාස්තු සංශෝධනයෙන් අවම ගාස්තුවේ වෙනසක් නැහැ

දුම්රිය ප්‍රවේශපත්‍ර සහ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු හෙට සිට සංශෝධනය වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තුන්වන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 10 දෙවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් විස්ස සහ පළවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 40 මෙහිදී වෙනස් නොවන බවයි.
කෙසේ වෙතත් අවම ගාස්තු සළකා බැලීමේදී ක්‍රියාත්මක වුණු කිලෝමීටර 10 සීමාව නව සංශෝධනයේදී 7 දක්වා අඩුකර තිබෙනවා.
හෙට සිට සිදුවන ගාස්තු සංශෝධනය සමග වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද සංශෝදනය වන අතර වාර ප්‍රවේශපත්‍ර සඳහා මෙතෙක් අයකළ ප්‍රතිශතයේ වෙනසක් සිදුවන්නේ නැහැ.
ඒ අනුව රජයේ සේවක වාර ප්‍රවේශපත්‍රයකට අය කළ, තනි ගමන් ප්‍රවේශපත්‍රයක වටිනාකම මෙන් නව ගුණයක් සහ පෞද්ගලික අංශයේ වාර ප්‍රවේශපත්‍ර සඳහා අය කළ තනි වාර ප්‍රවේශපත්‍ර වටිනාකම මෙන් 24 ගුණය ද නොවෙනස්ව පවතිනවා.
එනම් එය දින 12 ක් සඳහා වන මුදලක් බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම පාසල් සිසුන්ගේ සහ විශ්ව විද්‍යාල මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් අය කරනු ලබන ගාස්තුව වන්නේ තනි ගමන් වාර ප්‍රවේශපත්‍ර වටිනාකම මෙන් 6 ගුණයක ගාස්තුවක්.
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේ මෙම ගාස්තු සංශෝධනය සිදු කරනු ලබන්නේ වසර 10 කට පසුව වන අතර මෙම ගාස්තු සංශෝදනයෙන් පසුව වුව ද තවදුරටත් බස් ගාස්තුවට වඩා දුම්රිය ගාස්තුව අඩුවෙන් පවතිනවා.
දුම්රිය ගාස්තු අවස්ථා කිහිපයක සංශෝධිත ගාස්තුව මෙතැනින්