Gossips

දුම්රිය ගාස්තුව සියයට 35කින් සහ 50කින් ඉහළ දැමූ බව දෙපාර්තමේන්තුව කියයි

දුම්රිය ගාස්තු ඇතැම් ගමන් වාර සඳහා සියයට 35 කින් සහ තවත් සමහරක සියයට 50කින් වැඩි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දැමූ අතර, ඊයේ සිට එය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, දුම්රිය මගීන් චෝදනා කළේ අදාල ප්‍රතිශතය ඉක්මවා මෙම ගාස්තු වැඩි කිරීම සිදු කර ඇති බවටයි.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වානිජ අධිකාරී එන්.ජේ. ඉදිපොළගේගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඇතැම් ගාස්තු දුර ප්‍රමාණයන් අනුව සියයට 15කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවයි.
එමෙන්ම මෙම සංශෝධනය ඉක්මවා යමින් අසාමන්‍ය ලෙස ගාස්තු ඉහල යාමක් සිදුව ඇත්නම් ඒ පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරී කාර්යාලයට පැමිණිලි කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
එලෙස ඉදිරිපත් වන පැමිණිලි සලකා බලා ගැටළු සහිත දුම්රිය ගාස්තු සංශෝධනය කරන බවද නියෝජ්‍ය වානිජ අධිකාරීවරයා ප්‍රකාශ කළා.