Gossips

දුම්රිය ගමනා ගමනයට බාධා (ඡායාරූප)

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවකයන්ගේ වර්ජනයක් නිසා දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ අනුව රඹුක්කනින් ඉහළට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර, ඊයේ (10) බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ සංඥා කුළුණු අසල නතර කර තිබිම නිසා එහි ගමන් ගත් මගින් දැඩි අපහසුතාවයකට ලක්වී තිබෙනවා.
මෙලෙස නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රියන් දෙක සංඥා නොලැබිම හේතුවෙනුයි දුම්රිය මාර්ගයේ නතර කර තබා ඇත්තේ.
නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්යය මණ්ඩලය හදිසියේ වැඩ වර්ජන කිරිම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව දුම්රිය මගින් සහ නාවලපිටිය දුම්රිය ස්ථානයේ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් පවත්නා තත්ත්වය හේතුවෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)