වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක වුවත්, පාලනාධිකාරියේ ඉල්ලීම පරිදි අද (11) පස්වරුවේ සිට දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පස්වරුවේ වෘත්තීය සමිති විධායක කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි.
