දුම්රිය ආරක්ෂක සහ නියාමක නිලධාරීන් මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.
දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ උසස්වීම් ලබාදෙන ලෙසට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබියදීත් පරිපාලන නිලධාරීන් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවූයේ.
මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 3 ක් ප්‍රමාදවී ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
