දුම්රිය සේවාවේ ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි කටයුතුවල නිරතවන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දුම්රිය ආරක්ෂක අංශයට දැනුම්දී තිබෙනවා.
අද පෙරවරුවේ රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සිද්ධිය සැළකිල්ලට ගනිමින් මෙවැනි ක්‍රියා වැළැක්වීමේ ක්‍රමවේදයක් ලෙස මෙලෙස සිවිල් ඇඳුමින් රාජකාරිවල නිරතවන ලෙසයි අමාත්‍යවරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
