Gossips

දුම්රිය අනතුරු අවම කරගැනීමට දැනුවත් කිරිම් අද සිට

දුම්රිය අනතුරු අවම කරගැනීම සඳහා දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව ජනතාව දැනුම්වත් කිරීමේ සහ පුවරු සවිකිරීමේ වැඩසටහන අද (12) ආරම්භ කෙරෙනවා.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කළේ එහි සමාරම්භය නාවින්න දුම්රිය හරස් මාර්ගය අසලදී සිදු කරන බවයි.
දුම්රිය අනතුරු හේතුවෙන් මෙම වසර තුළ පමණක් මරණ 35 ක් සිදුව තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේදී දුම්රියේ සහ දුම්රිය මාර්ගවල සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කළ 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේ.
එමෙන්ම අනෙකුත් දුම්රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේ මියගිය සංඛ්‍යාව 955ක්.