Gossips

දුම්රිය අනතුරකින් විදෙස් යුවලක් රෝහලේ

කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කුඩා වස්කඩුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් විදෙස් ජාතික යුවලක් තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රුසියානු ජාතික තරුණියක් සහ ලෙබනන් ජාතික තරුණයෙකු බවට තොරතුරු වාර්තා වනවා.
අබීන් රාමන් නමැති තරුණයාගේ වයස අවුරුදු 29 ක් බවත් මාරියන් සින්ධීන් නමැති තරුණියගේ 28 හැවිරිදි වියේ පසුවන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔවුන් දෙදෙනා පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය ගේට්ටු ක්‍රියාකරු එම ස්ථානයේ සිට නොමැති බවට අනාවරණ වී ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.