Gossips

දුම්රියේ වන අලින් ගැටීම වැළැක්වීමට කමිටුවක්

දුම්රිය මාර්ගයට වන අලි පැමිණීම හේතුවෙන් සිදුවන අනතුරු වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කමිටුවක් පත් කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් හත්දෙනෙකු ඇතුළත්.
වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පියවර සහ වන අලි ගැවසෙන ස්ථානවල ඉලෙක්ට්‍රොනික පරිපථ සවිකිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව මගින් අවධානයට ලක් කරනු ඇති.
පෙරේදා දිනයේදී හබරණ ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලි රංචුවක් මියයෑම හේතුවෙනුයි අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ.