Gossips

දුම්රියේ යාචකයින් ඉවත් කරන්න දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

දුම්රියේ ගමන් ගන්නා යාචකයින්ට මුදල් ලබාදීමෙන් සහ අනවසර වෙළදුන්ගෙන් භාණ්ඩ මිලදී නොගන්නා ලෙස දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඔහු කියා සිටියේ මේ වනවිට නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියවලින් යාචකයින් ඉවත් කර ඇති බවයි.
එසේම, මන්දගාමී දුම්රිය වලින් ද යාචකයින් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවද ඔහු සඳහන් කළා.