Gossips

දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් අයෙකු මියගොස් දෙදෙනෙකුට තුවාල

මාතර – පඹුරන ප්‍රදේශයේදී අද පෙරවරුවේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාර දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකින් මෝටර් රථය ඇතුළු කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර ඔවුන් පඹුරන ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.