Gossips

දුම්රියේ ගැටුණු අලියා ජීවිතයත් මරණයත් අතර සටනක

පොළොන්නරුව, වැලිකන්ද, රුහුණුකෙත ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ මෙම වන අලියා ගැටී ඇති බව සඳහන්.
වයස අවුරුදු පහළොවක් පමණ වන මෙම සත්වයාට ගිරිතලේ වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර පසුගිය 06 වනදා රාත්‍රියේ වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලි තුන්දෙනෙකු මරණයට පත්වුණා.
එම අනතුරෙන් දුම්රියේ මැදිරි 04 ක් පීලි පැනීමකට ලක්ව දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව තිබුණා.


ඡායාරූප – පොළොන්නරුව, රොෂාන් තුෂාර / මනම්පිටිය, නිමල් ජයරත්න