Gossips

දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

කඳාන – පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී මීගමුව සිට කොළඹ බලා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරු 3 ට පමණ සංඥා පහන් දැල්වෙමින් තිබියදී මෙම යතුරුපැදිය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, ඔවුන් අවුරුදු 41 සහ 42 යන වයස්වල පසුවන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.