ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර මගලෙගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
අද උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ මෙම කාන්තාව ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ මගලෙගොඩ වාඩියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්.
අනතුර සිදුවූ ස්ථානයේ තිබී ඇය ලියා තැබූ ලිපියක් ද හමුවී තිබෙනවා.
පොලිසිය සැක කරන්නේ සියදිවි නසා ගැනීමේ අරමුණින් මෙම කාන්තාව දුම්රියට පනින්නට ඇති බවටයි.
වේයන්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.
