Gossips

දුම්රියට පැන යුවලක් දිවි හානි කර ගනී

හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියට පැන මොවුන් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
කාන්තාව 28 හැවිරිදි වියේ පසුවන හබරාදුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, පිරිමි පුද්ගලයා 54 හැවිරිදි අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කාන්තාව එක්දරු මවක් වන අතර පිරිමි පුද්ගලයා දෙදරු පියෙකු බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව ඇඟලුම් සේවිකාවක් වන අතර මියගොස් ඇති පිරිමි පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් සිය දිවිහානි කර ගැනීමට හේතුව අනියම් සබඳතාවක් බවයි පොලීසිය සඳහන් කළේ.
හබරාදුව පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.