Gossips

දුම්රියක, ලොරි රථයක් ගැටී තුන්දෙනෙකුට තුවාල

උතුර දුම්රිය මාර්ගයේ වැල්ලව සහ කුරුණෑගල අතර දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යාපනයේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ දුම්රියක් මෙලෙස ලොරි රථයේ ගැටී ඇති අතර, එහි සිටි පුද්ගලයන් මෙලෙස තුවාල ලබා ඇති බව සඳහන්.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මෙම අනතුර නිසා උතුර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සුළු ප්‍රමාදයක් සහිතව සිදුවන බවයි.