Gossips

දුම්රියක ලොරියක් ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

හික්කඩුව වෑවල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අද සවස 3.35 ට පමණ මාතර සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියේ ලොරිය ගැටී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
ලොරියේ ඉදිරිපස දුම්රියේ ගැටී ඇති අතර එය දුම්රිය සමග මීටර් 800 ක් පමණ දුරට ඇදී ගොස් තිබු බව සඳහන්.
අනතුරින් තුවාල ලැබුවන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේදී මීට පෙර ද මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මියගිය බවයි.
මෙය අනාක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් බැවින් ඊට ස්වයංක්‍රිය ගේට්ටු පද්ධතියක් සවිකර දෙන ලෙසටයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ද පවතින බවයි.