Gossips

දුම්රියක ගැටී තරුණයෙකු මරුට

වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී රඹුක්කන සිට කොටුව බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (16) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්.
දුම්රිය ගේට්ටුව වසා තිබියදී මෙම පුද්ගලයා දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර පිලිබඳ වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.