Gossips

දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

නාවලපිටිය සිට නානුඔය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් අද (03) සවස කොටගල දුම්රිය ස්ථානයේ දී පීළි පැනිමකට ලක්ව තිබෙනවා.
එම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති අතර ඉන්ධන ටැංකියකට පමණක් සුළු හානියක් සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසුවේ.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.