Gossips

දුම්රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගනී

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇති බව හාලි ඇල පොලිසිය පවසනවා.
178 වන සැතපුම් කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන්නේ වයස අවුරුදු 38 ක් වූ ජනනාත පුර, ලුණුගල ප්‍රදේශයේ පදිංචි අමරසිංහ ආරච්චිලාගේ වික්‍රමනායක යන අයෙකු බව පොලිසිය සඳහන් කළා.
මෘත ශරිරය බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර හාලි ඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.