Gossips

දුම්මලසූරියේදී පොලිස් යතුරු පැදියෙන් අරන් ගිය උපුල් ශාන්ත අභිරහස් ලෙස මියයයි

දුම්මලසූරිය පොලිසිය විසින් මත්පැන් වැටලීමක් අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුද්ගලයෙකු මියයාමත් සමඟ එම පොලිස් ස්ථානය අසල ඊයේ උණුසුම් තත්වයක් ඇතිවුනා.
මියගොස් ඇති පුද්ගලයා එම ප්‍රදේශයේ පිහිටි ගල්වලක සේවකයෙක් වන අතර ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවසේ සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ රැගෙන ගිය බවටයි ඥාතීන් පවසන්නේ.
අනතුරුව නිවසේ සිට මීටර් මීටර් 300 ක් විතර රැඟෙන යද්දී ඔහු සිහිසුන් වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ප්‍රදේශවාසීන් හා එක්ව අදාළ පුද්ගලයා කුලියාපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ උඩුබද්දාව මහාඅගාර ප්‍රදේශයේ පදිංචි උපුල් ශාන්ත නමැති තිදරු පියෙකුයි.
ඔහු මත්පැන් අලෙවි නොකරන බවත් දෛනිකව ඔහු ගල්කොරියේ වැඩ නිමවී නිවසට පැමිණ මත්පැන් පානය කරන බවත් ඥාතීන් පවසනවා.
ඥාතීන් පොලිසියට චෝදනා කරන්නේ එම අවස්ථාවේදී පොලිසිය විසින් ඔහු මත්පැන් අලෙවි කරන බවට චෝදනා කරමින් රැගෙන ගිය බවයි.
එමෙන්ම මොහු සමඟ එම අවස්ථාව එකම යතුරුපැදියේ පොලිස් නිලධාරීන් දෙදෙනාද ගමන්කළ බවයි ඥාතීන් පවසන්නේ.
අදාළ ඥාතීන් අනතුරුව දුම්මලසූරිය පොලිසිය වෙත පැමිණ විරෝධය පළකිරීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇතිවූවා.
පසුව කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා එහි පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන බවට පොරොන්දු වීමත් සමඟ ඥාතීන් එම ස්ථානයෙන් පිටව ගියා.