මෙරට අලෙවි කරනු ලබන සියලුම දුම්කොළ නිෂ්පාදන සඳහා සම්මත ඇසුරුම්කරණයක් හඳුන්වා දීම සදහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් සඳහා වර්ණ දෙකක් හෝ සුදු හා කලු යන වර්ණ පමණක් භාවිත කළ හැකි අතර, වෙළඳ නාමය, නිෂ්පාදන නාමය, නිෂ්පාදනයේ ප්‍රමාණය සහ සෞඛ්‍යමය අනතුරු ඇඟවීම් ආදී රජය විසින් නිශ්චය කළ හෝ අනිවාර්ය කළ තොරතුරු හෝ සලකුණක් හැර අන් කිසිවක් එම ඇසුරුම්වල ප්‍රදර්ශනය කිරීමට අවසර හිමි වන්නේ නැහැ.
දුම්කොළ පරිභෝජනය මඟින් ඇති කරනු ලබන ඝෘජු හෝ වක්‍ර බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවන බවට ගණන් බලා තිබෙනවා.
ඉදිරි වසර 4ක කාලය තුළ දුම්කොළ භාවිතය හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ 6,000ක් පමණ වළක්වා ගැනීම රජයේ අපේක්ෂාව වී ඇත්තේ.