Gossips

දුප්පත් රටවල ළදරු මරණ තවමත් ඉහළ මට්ටමක

ලොව දුප්පත්ම රටවල උපදින දරුවන් වයස අවුරුදු 5 සම්පූර්ණ වීමට පෙර මියයාමේ අවදානම ධනවත් රටවල එම අනුපාතය මෙන් 50 ගුණය ඉක්මවන බව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
පසුගිය වසර 25 ක කාලය තුළ ළමා සෞඛ්‍ය පිළිබද ප්‍රගතියක් ලැබීමට හැකිවුව ද ලොව ප්‍රදේශ රැසකම එම අවදානම තවදුරටත් පවතින බවයි යුනිසෙෆ් ආයතනය අද නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
ජපානයේ අලූත උපන් දරුවන් මියයාමේ අවදානම 1111 ට එකක් වුව ද පාකිස්ථානයේ සෑම දරු උපත් දහසකින්ම 22 දෙනෙකු ළදරු වියේදීම මියයනවා.
සෑම වසරකම ලොව පුරා මිලියන 2 යි දශම 6 ක් ළමයින් ඉපදී පළමු මාසය තුළ මියයන බවයි යුනිසෙෆ් වාර්තාවේ දැක්වෙන්නේ.
එම අවදානම වැඩිම රටවල් 10න් 8 ක්ම අප්‍රිකානු උප සහරා කලාපයට අයත්.