Gossips

දුනු විදීමේ තේරීම් තරඟ කල් යයි

ලබන වසරේ පැවැත්වීමට නියමිත සාක් තරඟාවලියේ දුනු විදීමේ තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරඟ කල් දමා තිබෙනවා.
ඒ, තේරීම් තරඟ සඳහා ජාතික තලයේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් නොවීම හේතුවෙන්.
තේරිම් තරඟ පෙරේදා දිනයේදි පැවැත්වීමට සැළසුම් කර තිබු බව ජාතික දුනු විදීමේ සංගමය සඳහන් කළා.