Gossips

දීපිකා ප්‍රියදර්ශනී විවාහ දිවියට

ජනතාවගේ හදවතේ ගායිකාවක් වූ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් අගෝස්තු 15 වැනිදා විවාහ දිවියට පා තැබීමට සූදානම් වන බව ආරංචි මාර්ග සදහන් කරනවා.
දීපිකාගේ අත ගන්නේ මාරවිල ප්‍රදේශයේ බැංකු නිලධාරියෙකු බවයි සදහන් වන්නේ.
ඔහු ගී පද රචකයකු වන අතර දීපිකා ඔහුගේ ගීත ද ගායනා කර ඇති බව සදහන්.
විවාහයෙන් පසුව ඔහු සිය බැංකු රැකියාවෙන් ඉවත්ව බොරලැස්ගමුවේ පදිංචිවන්නට සැරසෙන බවද පැවසේ.
මෙය යෝජිත විවාහයක් බව පැවසෙන අතර ඔවුන්ගේ විවාහය විවාහ සැලැසුම්කරනු ලබන ආයතනයකින් සැලැසුම් කරන අතර විවාහයට ආරාධිතයන් 500ක් පමණ සහභාගිවනු ඇති බවද වාර්තා වේ.