Gossips

දිස්ත්‍රික් 4 ක හෙට සහ අනිද්දා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් හෙට සහ අනිද්දා දිස්ත්‍රික්ක 4 ක් තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ඉලක්ක කරගනිමින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.