Gossips

දිස්ත්‍රික්ක 8කට තද සුළං

හම්බන්තොට, මොණරාගල, අම්පාර, මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, පුත්තගම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම සුළං පැයට කිලෝමීටර් 40ත් 50 අගයක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.