Gossips

දිස්ත්‍රික්ක 6ක උෂ්ණත්වය ඉහළට

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බොහෝ පළාත්වල දහවල් කාලයේදී උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 4කින් ද, කුරුණෑගල, නුවරඑළිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල සාමාන්‍ය අගයට වඩා ඌෂ්ණත්වය සියයට 2කින් ද ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ දිනයේ උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36.7 වාර්තා වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්.
රත්නපුර දිස්ත්‍රික්කයේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් සහ රත්මලාන ප්‍රදේශයේ රාත්‍රී කාලයේ ඌෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් ඉහළ ගොස් තිබුණා.
මේ අතර, මෙම සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට අද උදාවනවා.
අද රාත්‍රී 10.45 ට ආරම්භ වන චන්ද්‍රග්‍රහණය අවසන් වන්නේ හෙට අලූයම 4.58 ටයි.
එය පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව අද රාත්‍රි 11.45 සිට හෙට අලූයම 3.49 දක්වා පවතින බවයි තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ඇසළ පුර පසලොස්වක පොහෝදා යෙදී ඇති මෙම චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා, බ්ලඩ් මූන් හෙවත් ලෝහිත චන්ද්‍රයා ලෙස ද හැදින්වෙනවා.
ඒ චන්ද්‍රග්‍රහණය සිදුවන කාලසීමාව තුළ චන්ද්‍රයා රත්පැහැ ගැන්වීම හේතුවෙන්.
අද සිදුවන චන්ද්‍රග්‍රහණයට සමගාමීව අගහරු ග්‍රහයාද වසර 15 කින් පෘථිවියට සමීපතම අවස්ථාවට පත්වීම විශේෂත්වයක්.
අගහරු චන්ද්‍රයාට සමීපව අසාමාන්‍ය ලෙස විශාලව සහ දීප්තිමත්ව පියවි ඇසින් දැක ගැනීමට හැකිවනු ඇති.