Gossips

දිස්ත්‍රික්ක 4කට වියළි කාලගුණයෙන් පීඩා

අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
මේ අතර, දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (01) දිනයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා අදාළ බංගලා වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් ප්‍රධාන වැව් කිහිපයක් ද සිදී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම වියළි කාලගුණයත් සමඟ පානීය ජලය නොමැතිවීම හේතුවෙන් මිය ගොස් ඇති බවට සැක කෙරෙන වන අලි පැටවෙකුගේ මළ සිරුරක් අද උදෑසන සොයාගනු ලැබුවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.