Gossips

දිස්ත්‍රික්ක 4කට මිලිමීටර් 75ක තරමක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වව්නියාව, මන්නාරම, කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.