Gossips

දිස්ත්‍රික්ක 03 කට තවමත් උණුසුම් කාලගුණයක්

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වලට අද පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, උතුර, උතුරුමැද සහ නැගෙනහිර ප්‍රදේශවලට තවදුරටත් උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියා.
එමෙන්ම, සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද දිනයේදී සුරුවිල්, අරියාලේ. මුහමලේ සහ චැම්පියන්පත්තු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.