Gossips

දිස්ත්‍රික්ක 03ක ස්ථාන කිහිපයකට පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) දිනයේදී ද වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් රත්නපුර, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.