ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ ද රළු විය හැකියි.
