Gossips

දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තද වැසි

රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 24 දී මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම ඌව පළාතේ සහ කෑගල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 70ක්, 80ක පමණ කෙටි කාලීන තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.