මොණරාගල – ඔක්කම්පිටිය – බෝගස්පුර ප්‍රදේශයේදී දිවියෙකුගේ සමක් ළඟ තබා ගත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
37 හැවිරිදි සැකකරු අද (18) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි ඔක්කම්පිටිය පොලීසිය සඳහන් කළේ.
යාල රක්ෂිතයේ සිටින දිවියෙකු මෙලෙස ඝාතනය කර එම සත්ත්වයාගේ සම මෙලෙස මොහු විසින් ළඟ තබාගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.
