Gossips

දිවියෙකු පහරදීමෙන් කාන්තාවකට තුවාල (ඡායාරූප)

තේ දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් දිවියෙකුගේ පහරදීමකින් තුවාල ලබා තිබෙනවා.
ඇය බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
උදෑසන 10 ට පමණ දිවියාගේ ප්‍රහාරය එල්ලවී ඇත්තේ බගවන්තලාව තෙරේසියා වතු යායේදීයි.
ජලය ගලා බසින කානුවක සැගවී සිටි දිවියා තමන්ට පහරදුන් බව තුවාල ලැබූ කාන්තාව ප්‍රකාශකර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් ඇයගේ අතකට සහ මුහුණට තුවාල සිදුවී ඇති අතර දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාල නිලධාරීන් දැනුවත් කර ඇතැයි සඳහන්.


ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ