හික්කඩුව පන්විල මිනිරන්කන්ද ප්‍රදේශයට පැමිණි හඳුන් දිවියෙකු හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.
හඳුන් දිවියා ඇල්ලීමට පැමිණි වනජීවි නිලධාරීන්ට ද ඔවුන් චෝදනා එල්ල කළේ සත්වයා ඇල්ලීමට කල්ගත කිරීම හේතුවෙන්.
හික්කඩුව පන්විල මිනිරන්කන්ද ප්‍රදේශයේ නිවසක ගසක් මත හඳුන් දිවියෙකු සිටින බව නිවැසියන් දැක තිබුණා.
