කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය ප්රකාශ කළා.
ඒ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින්. එලෙස හඳුනා ගත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බවයි කිලිනොච්චිය පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
පොලූ මුගුරුවලින් පහරදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්රචාරය වී ඇති වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණය ඊයේ පොලිසියට නියෝග කළා.