Gossips

දිවියෙකුගේ සිරුරක් විල්පත්තුවෙන් සොයාගැනේ (ඡායාරූප)

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දිවියන් දෙදෙනෙකු අතර ඇතිවූ දරුණු ගැටුමකින් මියගිය අවුරුදු 3ක් පමණ වයසැති දිවියෙකුගේ සිරුරක් තම්මැන්නාවල ප්‍රදේශයේ තිබී ඊයේ සොයාගෙන තිබෙනවා.
පිරිමි සත්වයෙකු මෙලෙස මියගොස් සිටි අතර, එම දිවියාගේ ගෙළ ප්‍රදේශයේ තියුණු දත් පහරවල් කිහිපයක්ම දක්නට ලැබුණු බව සඳහන්.
එමෙන්ම එම දිවියාගේ සිරුර පුරා සපාකෑම් කිහිපයක්ද සටහන් වී තිබෙනවා.
උද්‍යාන භාරකරු ප්‍රකාශ කර ඇත්තේ මියගොස් ඇත්තේ තම්මැන්නාවල ප්‍රදේශයේ ජීවත්වූ දිවි පැටවෙකු බවයි.
සත්ව නිරීක්ෂකයන් සිදුකළ සමීක්ෂණයකදී මෙම දිවියා මියගිය ප්‍රදේශය ආශ්‍රිතව තවත් විශාල දිවියන් දෙදෙනෙකු දැක ඇති අතර, එම දිවියෙකුගේ පහරදීමකින් දිවි පැටවා මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
මියගිය දිවියාගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය අනුරාධපුර පශූ වෛද්‍ය නිලධාරියා විසින් සිදුකිරීමට නියමිතයි.

ඡායාරූප – හබරණ, මදුශාන් වික්‍රමසිරි