Gossips

දිවියන්ගේ දත් අලෙවි කිරීමට සුදානම් වූ දෙදෙනෙක් අත්අඩංගුවට

විල්පත්තු අභයභූමියේ දිවියන් ඝාතනය කර දත් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තඹුත්තේගම වනජීවී නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වනජීවී නිලධාරීන් විසින් අද (05) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.