Gossips

දිවිනැගුම නඩුව කල් යයි

දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමේදී රුපියල් මිලියන 36කට අධික මුදලක් සාපරාධී පරිහරණය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය ලබන 18 වනදා දක්වා කල් දමා තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් අතර, නඩුව මෙහෙයවන රජයේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තවත් නඩුවකට පෙනී සිටින බැවින් ඒ සදහා වෙනත් දිනයක් ඉල්ලා තිබුණා.
ඒ අනුවයි මෙලෙස නඩුවේ සාක්ෂි විභාගය ලබන 18 වනදා දක්වා කල් දමා ඇත්තේ.