Gossips

දිවා භෝජනයට තරගය නතර කරන විට එංගලන්තය 111/3

ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා.
ඔවුන් පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 342 ක්.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමා වුණා.
මේ වනවිට එංගලන්තය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා කඩුලු 7 ක් අතැතිව ලකුණු 250 ක් ඉදිරියෙන් පසුවනවා.