Gossips

දිවයින හරහා සුළඟේ වේගය ඉහළට

දිවයින හරහා අද දිනයේ පැයට කිලෝමීටර් 50 දක්වා වූ තරමක තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනට නැගෙනහිර දෙසින් මුහුදු තීරයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බවයි.
ඒ නිසා මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදේ අද දිනයේත් ධීවර හා නාවික කටයුතු නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.