Gossips

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය තව දුරටත්

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ බස්නාහිර,සබරගමුව,දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.
දකුණු,මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.