Gossips

දිවයින වටා මුහුදේ සුළගේ වේගය ඉහළට

අද සිට දිවයිනේ උතුර, උතුරුමැද සහ ඌව පලාත්වල තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුර සහ මන්නාරම් බොක්ක ප්‍රදේශවල පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශද රළු හෝ ඉතා රළු ස්වභාවයක් ගනු ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.